catagory

Thursday, October 8, 2020

මාස 10 ක් වියැති බිළිඳෙකුට කොරෝනා


බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ රාත්‍රියේ අනාවරණය වී ඇත.

මෙලෙස කොරෝනා වෛරසය වැළඳී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි බිළිඳෙකුටයි.

එම බිළිඳා වනවිට IDH රෝහල වෙත මාරු කර යවා ඇති බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කර ඇත.

දරුවාගේ මව සහ පියා PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

No comments:

Post a Comment