ආනයනය තහනම් කර තිබියදී ගෙන් වූ කෝටි 1,000 කට ආසන්න අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි
මෙම වාහන තොගයේ විටිනාකම රුපියල් කෝටි දහසකට ආසන්න බවයි හෙළිවී ඇත්තේ.
කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමේ පියවරක් ලෙස වාහන ඇතුලු සුඛෝපබෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය නියෝග කර තිබිණි.
කෙසේ වෙතත් එම ආනයන රෙගුලාසි උල්ලංඝණය කරමින් විවිධ කූට උපක්‍රම හරහා මෙරටට ගෙන්වා ඇති අධි සුඛෝපබෝගී වාහන 300 ක් මේවනවිට රේගුව භාරයේ රඳවා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසා ඇත.
අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
අරුම පුදුම දෑ බලන්න පහතින් youtube චැනලය හා එක්වන්න.
Youtube channel 👈 click here
No comments:
Post a Comment