පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් අනුව නැවත දැනුම් දෙන තුරු රට තුළ ක්‍රීඩා තරග කිසිවක් නොපැවැත්වීමට තීරණය කර තිබෙන බව ක්‍රීඩා විද්‍යා ආයතනය පවසනවා.
දැනට සංචිතගතව නේවාසිකව පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෞඛ්‍ය උපදෙස් අනුව ඉතා ආරක්ෂාකාරී පරිසරයක පුහුණුවීම් කටයුතු කරගෙන යන බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සදහන් වී තිබෙනවා.
ඒ අනුව තනි තනි ක්‍රීඩකයා හෝ ක්‍රීඩකයින් දස දෙනෙකු පුහුණුකරු සමග තනිව සෞඛ්‍යාරක්ෂිතව පුහුණුවීම් කටයුතු කිරීමට උපදෙස් ලබාදී ඇත.