බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් පිරිසක් ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙසු ප්‍රදේශවල ඔවුන් සැඟවී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
එමෙන්ම නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නිරෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.
රෝහල්ගතවීම හෝ නිරෝධායනය මගහරින පිරිස් සොයා බුද්ධි මෙහෙයුමට හමුදාව හා පොලිසිය යෙදවූ බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළා.
පසුගිය දිනයන්හි බ්‍රැන්ඩික්ස් ආයතනයට ගිය හෝ එහි සේවකයන් අසුරු කළ අයද වහාම සෞඛ්‍ය අංශ වෙත යොමුවන ලෙසද ඉල්ලා සිටිනවා.