catagory

Friday, October 9, 2020

කටුනායක කළාපයේ ඇගලුම් සේවිකාවකට කොරෝනා


කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ඇගලූම් කම්හලක  සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

 උණ රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගියදා  රෝහල් ගතවීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණ වාර්තා වලින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව අද අනාවරණය වුණා.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ඇගලුම් කම්හලක සේවය කරන 38 හැවිරිදි වියේ පසුවන ඇය සීදූව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

කෙසේවෙතත් ඇය හා මිනුවන්ගොඩ කොරෝනා පොකුර අතර සම්බන්ධතාවක් ඇත්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.


No comments:

Post a Comment