Tuesday, October 6, 2020

යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ හදුනා ගැනේ

0




යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම PCR පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. කේතීස්වරන් මහතා ඉල්ලා සිටිනවා.

මෙම කාන්තාව කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අංක WP ND-6503 දරණ ‘රන්සිලු’ නැමැති බස් රථයේ පසුගිය සෙනසුරාදා (03) ගමන් කර තිබෙනවා.

සෙනසුරාදා රාත්‍රී 8.30ට යාපනය බලා පිටත් වූ මෙම බස් රථය ඉරිදා (04) උදෑසන 5.00ට පමණ යාපනයට ළඟා වී තිබෙනවා.

පසුව, පුන්කුඩතිව් බලා ඉරිදා උදෑසන 5.10ට ගමන් කළ NP ND-8790 දරණ ‘මාතා’නම් බස් රථයෙන් එම කාන්තාව නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ විශාල පිරිසක් පැමිණ ඇති බව ඇය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම බස් රථවලින් පැමිණි අය වේ නම් ළඟම ඇති රජයේ රෝහලට ගොස් PCR පරීක්ෂණයක් කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 021-2226666 යන අංකයෙන් ගත හැකියි.
Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular