දිවුලපිටියේ කාන්තාව සමීපව ඇසුරු කල 400 ක් හදුනා ගැනේ
ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා පැවසුවේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි.
අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
මේ අතර බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන තිබෙනවා.