අද දිනයේ කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමෙන් පසු අද උදෑසන ඇදිරිනීතිය පැනවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු යම් සීමාකිරීමකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද දින දහවල් 12.00 සිට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත තුළ ඇති තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙත ගුවන් මගීන්ට පිවිසීම යළි දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපයද නැවත දැනුම් දෙනතුරු වසා දමා දැමීමට පියවර ගෙන තිබෙන බවද සඳහන්.