catagory

Saturday, October 3, 2020

ප්‍රදේශ කීපයක ජලභීතිකාව පැතිර යාමේ අවදානමක්




ජලභීතිකා අවදානමක්
ජලභීතිකා අවදානමක්


ගාල්ල, යටලමත්ත සහ ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක ජලභීතිකා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල සුනඛයින්ට ජලභීතිකා එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ, යටලමත්ත ප්‍රදේශයේ ජලභීතිකාව වැළඳීමෙන් 12 හැවිරිදි පාසල් සිසුවෙකු හා 57 හැවිරිදි පුද්ගලයෙකු මියයාම හේතුවෙන්.

එම මරණ දෙක ම සිදුවී ඇත්තේ සතියක් තුළදීයී.

මේ අතර, දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

ඊට අදාළව, සුනඛයින් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ වේගවත් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment