catagory

Wednesday, October 7, 2020

ආසාදිතයන් අතර ගැබිණි කාන්තාවක්


මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,034 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ, ඊයේ දිනයේ එම පොකුරෙන් වාර්තා වු රෝගීන් 202ක් සමඟයි. ඊයේ දිනයේ දී තවත් කොරෝනා රෝගීන් 05 දෙනෙකු හඳුනාගෙන ඇත.


එම රෝගීන් 202 අතුරින් රෝගීන් 199 දෙනෙකු අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

ඒ අනුව මේ වන විට මෙරට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,459 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ හමුවූ ආසාදිතයින් අතර කාසල් වීදිය කාන්තා රෝහලේ සිටි ගැබිණි මවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද සඳහන් වේ.

No comments:

Post a Comment