මොණරගල මැදගම ප්‍රදේශයේ COVID-19 රෝගියෙකු සමඟ සම්බන්ධයක් ඇති බවට සැකපිට ඔහුගේ නිවසේ ස්වයං හුදකලාව සිටි පුද්ගලයෙකු ඊයේ (oct. 8) සිය නිවසේදී මියගොස් ඇති බව වාර්තා වනවා.
මියගිය පුද්ගලයා මොණරගල බොල්ගල්ල – වල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකු බවයි මොණරගල රෝහල් පොලිසිය පැවසුවේ.
කොළඹ සිට මොණරගල දක්වා පෞද්ගලික බස් රථයක ගමන් කළ කාන්තාවක් COVID-19 සමඟ ඉරිදා (04) සොයා ගත්තා.
මියගිය අයගේ දියණියද එම බස් රථයේම ගමන් කර ඇති බව සොයා ගත් අතර, පසුව මුළු පවුලම සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන්ගේ නිවසේ ස්වයං නිරෝධායනය කර තිබෙනවා.
මියගිය 70 හැවිරිදි පුද්ගලයා රාත්‍රී 07.00 ට පමණ හදිසි අසනීපයකින් පෙළුණු නිසා ඊයේ මොණරගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සොයා බැලීමට PCR පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෘත දේහය කරපිටි රෝහල වෙත මාරු කිරීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබෙනවා.
No comments:
Post a Comment