catagory

Thursday, October 8, 2020

අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් විවෘත කිරිමට වේලාවක්



නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර දී තිබෙනවා.

නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.

ඇඳිරි නීතිය පනවා තිබියදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මෙම අවස්ථාව හිමිව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මෙම අවසරය අනුව තමන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය මිලදී ගැනීමට නිවසට ආසන්න වෙළඳසැල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ලෙසත්, එලෙස නිවෙස් වලින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගන්නා ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment