catagory

Monday, October 5, 2020

කුරුණෑගලින් කොරෝනා රෝගීන් දෙදෙනෙකු


මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ තවත් සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළා.

මොවුන් නාරම්මල ගලහිටියාව සහ කුලියාපිටිය නක්කාවත්ත බරිගොඩ පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

අදාළ ආසාදිතයින් දෙදෙනා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH උණ රෝහල වෙත යැවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කර සිටියා.

අදාළ ආස්දිතයින් දෙදෙනාගේද ආශ්‍රීතයන් සිවු දෙනෙකුද PCR පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවද සඳහන්.

No comments:

Post a Comment