Sunday, October 4, 2020

ඉදිරි පැය 72 තීරණාත්මකයි

0

පසුගියදා කොරෝනා අසාදිතව සිටි කාන්තාවක් හඳුනාගැනීමත් සමඟ ඇය සේවය කළ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටින තවත් සේවක සේවිකාවන් 1,400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සහ හෙට දිනයේදී සිදුකිරීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කර ඇත

මේ අතර මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවකයින් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින් පැමිණ ඇති බවද වාර්තා වනවා.

අනුව, දැනට සිදුකරනු ලබන PCR පරීක්ෂණ සිදුකොට ඔවුන්ටද කොරෝනා වසංගතය ආසාදනය වී ඇත්ද යන්න සැකහැර දැන ගැනීමට අවශ්‍ය බැවින් ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කළ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වී ඇත.

තවද, පවත්නා තත්වය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසිපරිදි අනුගමනය කරමින් කටයුතු කරන ලෙස යුධ හමුදාපතිවරයා මහජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා.

Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular