“දුරාචාර හා අශෝභන” අන්තර්ගතයන් පෙරීමට අපොහොසත් වීම හේතුවෙන් Tik Tok යෙදුම පාකිස්තානයේ තහනම් කර තිබෙනවා.
මේ වන විට ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ හා එක්සත් ජනපදය Tik Tok යෙදුමට එරෙහිව පියවර ගෙන ඇත.
මේ අතරට එක් වූ නවතම රට ලෙස පාකිස්තානය එක් වෙයි.
“වීඩියෝ බෙදාගැනීමේ යෙදුම වන ටික්ටොක් හි දුරාචාර හා අශෝභන අන්තර්ගතයට එරෙහිව සමාජයේ විවිධ කොටස් වලින් පැමිණිලි ගණනාවක් සලකා බැලීමේදී, මෙලෙස පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය (PTA) විසින් මෙම යෙදුම අවහිර කිරීම සඳහා උපදෙස් නිකුත් කර තිබෙනවා.