සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව එම සිසුවිය සමඟ සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද PCR පරික්ෂණයට භාජනය කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා කියා සිටියේ.