Saturday, October 10, 2020

ශිෂ්‍යත්ව විභාගය අද

0

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936 කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙි.

මෙවර සිසුන් 331,694 දෙනෙක් පෙනී සිටින අතර සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් 248,072 දෙනෙකු හා දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් 83,622 කි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ, විභාගයට පෙනී සිටින සිසුන් උදෑසන 9.00 වනවිට විභාග ශාලාවේ අසුන් ගැනීම කළ යුතු අතරම පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි.

එමෙන්ම විභාගයට පෙනී සිටින දරුවන් තම විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳය යුතු බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවයි.

එමෙන්ම IDH රෝහලේ ප‍්‍රතිකාර ලබන සිසුන් 05 දෙනෙකුට ද විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ ස්ථානයක අවස්ථාව සලසා දී ඇත.

Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular