ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකටන අද(07) දහවල් සිට ජනතාව ඇතුළුවීම හා පිටවීම සිමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසනවා.
කටුනායක ගුවන් තොටුපලේ සේවය කරනු ලබන 23 හැවිරිදි තරුණයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විම හේතුවෙන් මෙම සීමාව පනවා තිබෙන බවයි වාර්තා වී ඇත.
මෙම කොරෝනා ආසාදිත තරුණයා ආඩිගම පුනවිටිය ගම්මානයේ පදිංචි කරුවෙක් වනවා.
අදාල ආසාදිතයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදීව රෝග ලක්ෂණ මතු කිරිමත් සමඟ රෝහල්ගත කිරිමේන් පසුව PCR පරික්ෂණ වලින් අනතුරුව තහවුරු කර ගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.
මෙම ආසාදිත තරුණයා ඇසුරු කළ පදිංචි නිවසේ සිව් දෙනෙකු ඇතුළු තවත් 40 කට ආසන්න පිරිසක් (07) දින සිට නිවාස 14 ක් තුළ ස්වං නිරෝධායනයට ලක් කිරිමට පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් විසින් කටයුතු කර ඇත.
මේ සමගම අදාල ප්‍රදේශ වල ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම වලට යොමු කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සේම ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇත.
මෙයට අමතරව ආඩිගම නගරයේ සිට මහකුඹුක්කඩවල නගරය දක්වා දිවෙන මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමා කිරිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පුනවිටිය , සියඹළගස්වැව , මහකුඹුක්කඩවල ඇතුළු ප්‍රදේශ වලට පිටතින් පැමිනේන පිරිස් මෙම ප්‍රදේශවලට ඇතුල්විම පොලිසිය වලක්වා තිබුණේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහාය.