දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්රිතයෙකු ලෙස මොණරාගල ප්රදේශයේ සිටියදී හඳුනාගත් කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.
41 හැවිරිදි මෙම කාන්තාව මැදගම බකින්ගහවෙල, පුබ්බාර දේවාලගොඩ ප්රදේශයේ පදිංචිකාරිනියක් බවද සඳහන්.
අදාළ කාන්තාව උගුරේ අමාරුව, කැස්ස හා හිසරදය වැනි කොරෝනා වෛරසය ආසාදනය වීමේ ලක්ෂණ මතුවීමෙන් පසු ප්රතිකාර ලබාගැනීමට මොණරාගල මහ රෝහලට ඇතුලත් වී තිබෙන බවද සඳහන් වනවා.
තවද, ඉකුත් 02 දා නිවාඩු ලබා මොණරාගල නගරයට පැමිණ ඇති මෙම කාන්තාව එදින උදෑසන 8.00 සිට 10.15 පමණ තෙක් මොණරාගල කචිචේරිය හංදිය, ඉරිදා පොළ, බස් නැවතුම්පොළ හා රාජ්ය බැංකුවක ගැවසී ඇතිබවද අනාවරණය වී තිබෙනවා.
මැයද දිවුලපිටිය ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේම සේවය කර තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.