කුරුණෑගල, උයන්දන පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව උයන්දන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. රත්නමලල මහතා සඳහන් කළා.
එම පුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු වන අතර නිවාඩුවක් ලබා උයන්දන පිහිටි නිවසට පැමිණ ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත.
නිවාඩුවෙන් පසුව යළි ඇඟලුම් කම්හල වෙත යාමෙන් අනතුරුව ඔහු PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස 25 වන දා ඔහු විසින් කුරුණෑගල පෞද්ගලික රෝහලකින් ශල්‍යකර්මයක් සිදු කරගෙන ඇති අතර, ඔක්තෝබර් 03 වන දා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රතිකාර කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් හෙට PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.