ආසාදිතයා හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් පමණ වන තැනැත්තෙකු වන අතර අදාල රෝගියා හලාවත මූලික රෝහල වෙත පැමිණ ඇත්තේ පසුගිය අගහරුවාදා දිනයේය.
එහිදී ඔහුගේ රෝගී තත්වය සැක සහිත බැවින් PCR පරික්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.
එහිදී එම තැනැත්තා කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවද සඳහන්.
රෝගියා මේ වනවිට ඉරණවිල රෝහල වෙත යොමුකර ඇත.