Thursday, October 8, 2020

කොරෝනා වලින් පුරුෂයන්ට සිදුවන අවධානම් සහිත සිදුවීම

0

කොරෝනා වෛරසය මගින් පුරුෂයන්ගේ සරුබව අවදානමට හෙලමින්, ඔවුන් වඳභාවයට පත්කළ හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

ටෙල් අවිව් හි ෂෙබා වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඩෑන් ඇඩර්කා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම සිදුකළ අධ්‍යයනයට අනුව, නව කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක්කළ රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී තිබෙනවා.

ඒ අනුව මෙම අධ්‍යයනය පෙන්නුම් කර ඇත්තේ වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බවයි.

එමෙන්ම, එහිදී ආසාදිත පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය කොවිඩ් -19 හඳුනා ගැනීමෙන් දින 30කට පසුව මෙසේ අඩකින් අඩු වී තිබෙනවා.

එසේම කොවිඩ්-19 රෝගයේ මෘදු තත්ත්වයකට ගොදුරු වුවද, එම අවදානම පවතින බවයි මෙම අධ්‍යයනය සිදුකළ ඊශ්‍රායලයේ වෛද්‍යවරු පවසන්නේ.

එමෙන්ම අවසාන වශයෙන් මෙම අධ්‍යයනයේදී මියගිය රෝගීන් 12 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශුක්‍රාණු හා ටෙස්ටොස්ටෙරෝන් නිපදවන ඔවුන්ගේ වෘෂණ කෝෂවල මධ්‍යස්ථ හා දරුණු වෙනස්කම් පෙන්නුම් කර ඇති බවද අනාවරණය කරගෙන ඇත.
Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular