Friday, October 9, 2020

ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර නිවසට පැමිණ සැඟවී සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සාමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර ඇත ( රූපරාමු සහිතය )

0
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර (08) දින තම නිවසට පැමිණ සැඟවී සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සාමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් අද (09) දින කටයුතු කර ඇත.

එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක රැඳි සිට ඇති අතර ඇය (08) දින අලුයම හැටන් දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහල කොටසේ තම නිවසට පැමිණ තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනය සහ යුධ හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලිසිය වෙත ඇය පිළිබඳව තොරතුරු ලබා දිමත් සමග නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් ඇයව හදුනාගෙන තිබෙනවා.

ඉන් පසුව එම සේවිකාව, ඇගේ සැමියා, එම සේවිකාවගේ මව සහ පියා සහ එම සේවිකාවගේ අවු 10 වයසැති දැරියද නිරොධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරුණා.

එමෙන්ම, අදාළ සේවිකාවගේ නිවසට යාබදව පිහිටි වතු නිවාස 13 කට අයත් සමාජිකයන් 69 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (08) දින කටයුතු කරනු ලැබුවා.





Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular