Brandix හා එහි ආශ්රිතයින් 16කට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ Brandix ආසාදිත පොකුරේ 02ක්, ඔවුන්ගේ ආශ්රිතයන් 11 ක් සහ වෙනත් ආශ්රිතයන් 03 ක් ලෙසයි.
ඒ අනුව මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කොරෝනා පොකුර 1,066 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ පළමු කොවිඩ් ආසාදිතයා මුලින් සොයාගත් කාන්තාව නොවන බවට තවත් තොරතුරු වාර්තා වී ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.