ඇතිවී තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය Facebook පිටුව ඔස්සේ රටේ මහජනතාව ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
පවතින අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්රචාරයන්ට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා.