Online භාණ්ඩ අලෙවි කිරීමේ දැවැන්ත ව්‍යාපාරික ජාලයක් වන ඇමසෝන් සමාගමේ (Amazon) ඇමෙරිකාවේ සේවය කරන සේවකයින් 19,816 දෙනෙකුට කොරෝනාවෛරසය වැළඳී ඇතැයි එම සමාගම පවසනවා.
එම සමාගමේ සේවකයින් මිලියන 1.37ක් පමණ සේවය කරන අතර එම සංඛ්‍යාවට සාපේක්ෂව කොරෝනාවෛරසය වැළඳී ඇති ප්‍රතිශතය 1.44% ක් වනවා.
එම සමාගමේ සේවකයින් චෝදනා කරන්නේ, ඇමසෝන් සමාගම සිය සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක හෙළා ඇති බවටයි.
කෙසේ වෙතත්, එම සමාගම පැවසුවේ, සේවකයින් ආසාදිත ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින බවයි.