නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර දී ඇත.
පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නිවසකින් එක් අයෙකුට පමණක් යා හාකි බවය.
ඇඳිරි නීතිය පනවා තිබියදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මෙම අවස්ථාව හිමිව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
මෙම අවසරය අනුව තමන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය මිලදී ගැනීමට නිවසට ආසන්න වෙළඳසැල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගානීම හා නිවෙස් වලින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගත යුතු බව අවධාරණය කරා.