හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇත. කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මෙම අදහස් කියා තිබෙනවා.
අදාළ ආසාදිත පුද්ගලයා පසුගිය මස 23 වෙනිදා කොළඹ බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශනයට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
එමෙන්ම ඔහු එදින කොළඹ බස් නැවතුම් පොළේ ගැවසී ඇති අතර සැප්තැම්බර් මස 30 වෙනිදා නුවරඑළිය ප්‍රදේශයට ද ගොස් තිබෙනවා